දිගුදුර බැලස්ටික් මිසයිලයක සවිකල හැකි හයිඩ්රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලූ බව මේ වනවිට උතුරු කොරියානු රජයේ මාධ්‍ය පවසයි.
මීට පෙර බැලස්ටික් මිසයිලයක සවිකළ හැකි න්‍යෂ්ටික බෝම්බයක් නිපදවා ඇති බව පැවසූ උතුරු කොරියාව ඉන් පැය කිහිපයකට පසුව මෙම පුවත අනාවරණය කළේය.
මෙම කොමියුනිස්ට් රාජ්‍යය පවසා සිටියේ මෙය ඔවුන් විසින් සිදුකළ හය වැනි සාර්ථක න්‍යෂ්ටික අත්හදා බැලීම බවයි. එමෙන්ම, එය අතිශය සාර්ථක අත්හදා බැලීමක් බවද ඔවුන් අවධාරණය කළේය.
මේ අතර, භූ විද්‍යාඥයන් විසින් භූ කම්පනයක නිරීක්ෂණයක් වාර්තා කර පැය කිහිපයකින් මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම් අනාවරණයද උතුරු කොරියාව විසින් සිදුකර තිබුණි.
ඒ අනුව, මෙය භූ කම්පනයක් නොව නෂ්ටික අත්හදා බැලීමේදී සිදුවූ කම්පනය බව විශ්වාස කෙරෙයි.
එමෙන්ම, ඔවුන් අත්හදා බැලූ මෙම නවතම හයිඩ්රජන් බෝම්බය සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයකට වඩා වැඩි බලයක් සහිත බෝම්බයක් බවද ප්යොන්ග්යැන්ග් බලධාරීහු පවසති.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඔවුන් පවසන කරුණු පිළිබඳ යළි සලකා බැලීමක් සිදුකළ යුතු වුවත්, ඔවුන් න්‍යෂ්ටික තාක්ෂණයෙන් වේගවත් දියුණුවක් ලබමින් සිටින බව විශ්වාස කළ හැකි බවයි.