උ කොරියාව තවත් න්‍යෂ්ටික පිපිරුමකට සැරසෙනවාලු
උතුරු කොරියාව ඉතා නුදුරු දිනකදීම තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම් වන බව දකුණු කොරියාව පවසයි.
පසුගිය සිකුරාදා දිනයේදී උතුරු කොරියාව එරට තුළ සිදුකළ විශාලතම න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකළ අතර, එය එරට තුළ පසුගිය කාලයේදී සිදුවූ පස්වැනි න්‍යෂ්ටික් අත්හදා බැලීමද වෙයි.
දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන පන්ග්යේ-රි කලාපයේ අත්හදා නොලැබූ තවත් නෂ්ටික උමගක් පවතින බවයි.
මේ අතර, උතුරු කොරියාව සිදුකළ දැවැන්ත න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසුව ඔවුන් තවදුරත් න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට සැරසෙන්නේ නම් තමන් එරට පියෝන්ග්යෑන්ග් අගනුවර සමතලා කර දමන බවට දකුණු කොරියාව පසුගියදා අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබුණි.
බොහෝ යුද විශ්ලේෂකයන් විශ්වාස කරන්නේ මේ වනවිට උතුරු කොරියාව න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් ප්‍රබල යුද ශක්තියකින් සිටින බවයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

