උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් අත්හදා බලමින් එය සාගරය වෙත පතිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරුදිග ජපාන භූමියට ඉහළින් පියසර කර ඇති මෙම මිසයිලය බිම හෙළීම සඳහා ජපානය කිසිදු උත්සාහයක් දරා නොමැති අතර, එය උතුරු කොරියානු වේලාවෙන් අද අලුයම් කාලයේදී දියත් කර තිබේ.
මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් අදහස් දක්වන ජපාන අගමැති ෂින්සෝ අබේ පවසන්නේ බලාපොරොත්තු නොවූ අවදානමකට රට තල්ලු කිරීමක් ලෙසයි.
උතුරු කොරියාව පසුගිය කාල සීමාව තුළ මිසයිල අත්හදා බැලීම් රැසක් සිදුකළත්, ඔවුන් ජපානයට ඉහළින් මිසයිලයක් අත්හදා බැලීම සුවිශේෂී අවස්ථාවක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනයේදීද උතුරු කොරියාව කෙටි දුර මිසයිල ත්‍රිත්වයක් අත්හදා බැලූ අතර, ඒවා එරට නැගෙනහිර සාගර කලාපයට පතිත වී තිබුණි.
ඒ අනුව, මෙම නවතම මිසයිලය උතුරුදිග ජපානයට ඉහළින් පියාසර කර ඇත්තේ උතුරු කොරියානු මිසයිල වැඩසටහන අසල්වාසී රටවලට දැඩි බලපෑමක් එල්ල කරමිනි. කෙසේ වෙතත්, මින් කිසිදු හානියක් වාර්තා නොවූ බව ජපාන මාධ්‍ය පවසයි.
මෙවැනි බලාපොරොත්තු නොවූ සහ බලවත් තර්ජන කලාපයේ සාමයට සහ ආරක්ෂාවට බලවත් තර්ජනයක්. යැයි ජපාන අගමැතිවරයා පැවසීය.
ඒ අනුව, ජපාන ජනතාව ආරක්ෂා කිරීම සඳහා ජපාන රජය සිය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද ෂින්සෝ අබේ අවධාරණය කර තිබේ.