උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග සිදුවීමට නියමිත තමාගේ හමුව සාර්ථකත්වයක් නොලැබීම හෝ එය ලෝකයට වඩාත් සාර්ථකම හමුව යන දෙකෙන් එකක් විය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පෙන්සිල්වේනියා හි පැවති දේශපාලන රැලියක් අමතමින් ට්‍රම්ප් පවසා සිටියේ උතුරු කොරියාවටද මේ වනවිට සාමය අවශ්‍යව ඇති බව තමා විශ්වාස කරන බවයි.
ඔවුන් න්‍යෂ්ටික හරණය සම්බන්ධයෙන් වඩාත් යහපත් නැඹුරුවක් පෙන්වන්නේ නම් ඔවුන් සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බවද ට්‍රම්පා පවසා තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප් යුරෝපා මෝටර් රථ වෙනුවෙන් නව බදු පැනවීමේ අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇති අතර, 2020 ජනපතිවරණය සඳහා වූ සිය තේමා පාඨයද ඉදිරිපත් කර ඇත.