උතුරු කොරියාවේ න්ය්ෂ්ටික අත්හදා බැලීම ගෝලීයව එල්ල වූ තර්ජනයක් බැවින්, ඒ සඳහා ගෝලීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් අවධාරණය කරයි.
මේ ප්‍රතිචාරය සඳහා නෝටෝවද අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
මේ ආකාරයෙන් උතුරු කොරියාවට එරෙහි සටනක් පිළිබඳ කතා කිරීමට හේතුව ඇමෙරිකාවේ පැසිෆික් දූපත වන ගුවාම් වෙත උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන නිසාවෙන්ද යන්න පිළිබඳව නේටෝව අදහස් දක්වා නැත.
උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ටි අවි නිපදවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්රඥප්තීන් කැඩීමක් බව පවසන නේටෝව, එම නිෂ්පාදන වහාම නවත්වන ලෙසද උතුරු කොරියාවට දන්වා සිටියි.
මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමේ සූදානමක් පවතින අතර, එය උතුරු කොරියාවේ තෙල් ආනයන නැවැත්වීම ඇතුළු ඔවුන්ගේ ආදායම් උත්පාදන මාර්ගයන් වැළැක්වීම් සමග බැඳී පවතී.
කෙසේ වෙතත්, උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පැණවීම අදූරදර්ශී ක්‍රියාවක් බව රුසියාවේ මතයයි.