උතුරු කොරියාව විසින් මෑතකදී සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම හේතුවෙන් එම පර්යේෂණ සිදුකළ කඳුකර භූමියේ නායයෑම් කිහිපයක්ම සිදුවී ඇති බව චන්ද්‍රිකා දත්ත තහවුරු කර තිබේ.
පසුගිය ඉරිදා දිනයේදී උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම කඳුකර පුන්ග්යේ-රි කලාපයේදී සිදුවිය.
ඒ අනුව, මෙම භූමිය අවට එම න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුවීමට පෙර හා පසු චන්ද්‍රිකා දත්ත සලකා බැලීමේදී භූමියේ පැහැදිලි වෙනස්කම් රැසක් සිදුව ඇති බව නිරීක්ෂණ කණ්ඩායම් පවසයි.
මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම රික්ටර් පරිමාණ 6.3ක භූ කම්පනයක් ලෙස සටහන් වූ අතර, එහි කම්පන තරංග චීන දේශසීමාව දක්වාම දැනී තිබුණි.
උතුරු කොරියාව මේ දක්වා න්‍යෂ්ටික අත්හදා බැලීම් 6ක් සිදුකර ඇති අතර, ඒ සියලු අත්හදා බැලීම් මෙම කලාපයේම සිදුකර තිබේ.
මෙම කඳුකර කලාපයේ කඳු යටින් හාරා සකස් කරන ලද උමං පද්ධතියක් තුළ ඔවුන් මෙම පර්යේෂණ හා පිපිරවීම් සිදුකරන බව කියැවෙයි.

.jpg)
.jpg)
.jpg)