පලස්තීනය සමග යළි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවීමත් සමග ඊශ්රායල් හමුදා ගාසා තීරයේ දේශසීමා ආසන්නයේ බලමුළු ගැන්වෙමින් සිටින බව වාරතා වෙයි.
වෙස්ට්බෑන්ග් හිදී ඊශ්රායල් තරුණයන් තිදෙනෙකු ඝාතනය වීම හා ඒ සමගාමීව ජෙරුසිලමේ පලස්තීන තරුණයෙකු ඝාතනය වීම තුළ මේ නොසන්සුන්කාරී වාතාවරණය හටගෙන තිබේ.
ගාසා තීරයේ සටන්කාමීන් විසින් එල්ල කරන මෝටාර් සහ රොකට් ප්රහාරයන්ට ප්රතිචාර දැක්වීමක් ලෙස තම හමුදා බලමුළු ගන්වන බව ඊශ්රායලය පවසා තිබේ.
එමෙන්ම, ගුවන් ප්රහාරයක් දියත් කිරීමටද ඊශ්රායලය කටයුතු කර ඇති අතර, ඉන් පලස්තීන ජාතිකයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.