ඊශ්‍රායලයේ හිටපු නායක ෂිමොන් පෙරේස් සිය ජීවන යාත්‍රාවට සමුදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
දෙවරක් ඊශ්‍රායලයේ අගමැති ධුරයත්, එක් වරක් එරට ජනාධිපති ධුරයත් හෙබවූ පෙරේස් මියයන විට 93 වැනි වියෙහි පසුවිය.
මීට සති දෙකකට ඉහතදී හදිසි හෘදයාබාධයක් හා ආඝාත තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු පෙරේස් ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්ව සිටියත්, හදිසියේ ඔහුගේ රෝගී තත්ත්වය දරුණු අතට හැරීමෙන් මරණය සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊශ්‍රායලයේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙන පෙරේස් අප්‍රතිහත ධෛර්යයකින් යුතුව සිය සේවය ඉටුකළ අයෙකු බව ඔහුගේ පුත් චෙමී පෙරේස් පවසයි.
1948 වසරේදී මෙම නව රාජ්‍යය බිහිවීමට පුරෝගාමී වූ පරම්පරාවේ අවසන් දේශපාලන පුරුකක් ලෙසද පෙරේස් සැලකෙයි.