ඊශ්රායලයේ අභාවප්රාප්ත හිටපු අගමැති ඒරියෙල් ෂැරෝන්ගේ දේහය අද (12දා) ජෙරුසලමේ එරට පාර්ලිමේන්තු සංකීර්ණය තුළ තැන්පත් කෙරුණු අතර, ඊශ්රායල් ජනාධිපති ෂිමොන් පෙරෙස් ඇතුළු දේශපාලඥයන් මෙන්ම, ඊශ්රායල් ජනතාව සිය අසහාය නායකයාට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.
හිටපු අගමැතිවරයාගේ දේහයපිළිබඳ අවසන් කටයුතු හෙට (13දා) පවුලේ සුසාන භූමියකදී පැවැත්වීමට නියමිතය. ෂැරොන්ගේ බිරිඳ භූමදානය කර ඇති නෙගෙව් කාන්තාරය ආසන්නයේ මෙමපවුලේ සුසානය පවතින අතර,හෙට පෙරවරුවේ පූර්ණ රාජ්ය ගෞරව සහිතව හිටපු අගමැතිවරයාගේ දේහය මිහිදන් කෙරෙන බව එරටින් වාර්තා වෙයි.
ඊශ්රායලයේ හිටපු අගමැති ඒරියෙල් ෂැරෝන් මහතා අවුරුදු 85 ක් ආයු වළඳා පසුගිය 11දා අභාවප්රාප්ත විය.
ආඝාත තත්ත්වයක් හේතුවෙන් වසර අටකට අධික කාලයක් කෝමා තත්වයකින් පසුවූ හිටපු අගමැතිවරයා හදිසි හෘදයාබාධයකින් ඊශ්රායලයේ ටෙල් අවීව් හි ෂේබා රෝහලේදී අවසන් හුස්ම හෙළීය.