ඊජිප්තුවේ, කයිරෝ අගනුවරදී එරට පොලීසිය ඉලක්ක කරමින් අද (24දා) සිදුවූ පිපිරීම් තුනකින් පුද්ගලයන් 5දෙනෙකු මියගොස්, 90දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් පවසයි.
එහිදී, පොලිස් මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත කාර් බෝම්බයක් පුපුරායෑමත් සමග ප්‍රහාරය ආරම්භ වී ඇති බවත්, පුද්ගලයන් 4දෙනෙකු මියගොස් 76දෙනෙකු පමණ තුවල ලබා ඇති බවත් වාර්තා වෙයි.
ඉන් පැය කිහිපයකට පසුව නගරයේ තවත් ස්ථාන දෙකක සිදුවූ පිපිරීම් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 15දෙනෙකු තුවාල ලබා ඇති බවද කියැවෙයි.
කාර් බෝම්බ ප්‍රහාරයෙන් පසු නගර මාධ්‍යයේ දුම් වළාවක් ඇති වූ බවත්, අනතුරුව වෙඩි හඬ අසන්නට ලැබුණු බවද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් පවසයි.
මෙම ප්‍රහාරයේ වගකීම අල්කයිඩා සංවිධානයට සම්බන්ධ අන්සාර් බෙයිට් අල්-මක්ඩීස් සංවිධානය විසින් භාරගෙන ඇති බවද පැවසෙයි.
ඊජිප්තුවේ අගනුවර මෙම පිපිරීම සිදුවූයේ 2011 වසරේදී ආරම්භ වූ ඊජිප්තු විප්ලවයට වසර තුනක් සම්පූර්ණ වීමට පැය කිහිපයක් තිබියදීය. මෙම විප්ලවයත් සමග දශක කිහිපයක් ඊජිප්තුව පාලනය කළ එරට හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට බලයෙන් පහ වීමට සිදුවිය.