ඉස්ලාමීය සටන්කාමී අබු කටාඩා 1998 දී අම්මාන් අගනුවර එල්ලවූ ප්‍රහාරය සම්බන්ධ ත්‍රස්තවාදී චෝදනාවලින් නිදහස් කිරීමට ජෝර්දාන් අධිකරණයක් නියෝග කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
එහිදී, විනිසුරුවරයා නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන විට උසාවි කූඩුවක් සිටි අබු කටාඩා හඬා වැටී ඇති බව කියැවෙයි.
නමුත්, 2000 සහශ්‍රය ඉලක්ක කරමින් එල්ල කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ඇති තවත් නඩුවක තීන්දුව ලබාදෙන තුරු ඔහු අත්අඩංගුවේ රඳවා තැබෙන බව පැවසෙයි.
මීට පෙර ඔහුට එරෙහිව වසර 10ක් පුරා බ්‍රිතාන්‍යයේදී නඩු විභාගයක් පැවැත්වුණු අතර, පසුගිය වසරේ ජූලි මාසයේදී ඔහුව බ්‍රිතාන්‍යයෙන් නෙරපා හරින ලදී.