සිරියාවේ අයිඑස් ඉස්ලාම් රාජ්‍යයට එරෙහි සිය ගුවන් ප්‍රහාර තවදුරටත් වැඩි කළ බව රුසියාව අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර සිරියානු නායක බෂර් අල් - අසාද් විරුද්ධ වාදීන් ඉලක්ක කරන බවටද බටහිර රාජ්‍යයන්ගෙන් රුසියාවට චෝදනා එල්ල වෙයි.
පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ වූ මෙම බෝම්බ හෙලීම ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් පමණක් ඉලක්ක කරන්නක් බව රුසියාව පවසයි.
වසර හතරකට වැඩි රුසියානු අර්බුදය විසඳීමට ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය අපොහොසත් වූ වටපිටාවක රුසියාව මෙම ප්‍රහාර අරඹා තිබුණි.