බංග්ලාදේශ ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇති කරගත් ඉස්ලාම් අන්තවාදී සැකකරුවන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
එරට ප්‍රති ත්‍රස්ත පොලිස් බලකාය විසින් ස්ථාන තුනක් ඉල්කක කරමින් සිදුකළ මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී, මෙහෙයුම් දෙකක් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී සිදුව ඇති අතර, තවත් මෙහෙයුමක් අගනගරයෙන් කිලෝමීටර් 100ක් පමණ ඔබ්බෙන් වූ තන්ගාලී දිස්ත්‍රික්කයේදී සිදුව තිබේ.
මියගිය පිරිසෙන් තිදෙනෙකු එරට තුළ තහනම් කර ඇති ජමාත් අල්-මුජහිදීන් ඉස්ලාමීය සංවිධානයේ පිරිසක් බව හඳුනාගෙන ඇත.
බංග්ලාදේශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට අනුව එම සංවිධානයේ ඩකා අගනුවර ප්‍රධානියාද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය ජූලි මාසයේදී බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමග එරට තුළ ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා රජය විසින් මෙහෙයුම් ගණනාවක් දියත් කර තිබුණි.