ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි සිය නොසතුට පළ කර තිබේ.
මේ වනවිට බටහිර සමග පවතින සාකච්ඡා ඵලදායී කරගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුකූල නොවන බව හෙතෙම මෙහිදී පවසා තිබේ.
ඉරාන රූපවාහිනිය අමතමින් අදහස් දැක්වූ රොයුහානි පෙන්වා දී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව ඇමෙරිකාව සහ ජාත්‍යන්තරයේ ප්‍රධාන රටවල් 5ක් සමග තවදුරටත් හොඳ සාකච්ඡා මේසයකට යෑමට තමන් සූදානමින් සිටි බවයි.
කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා ඇමෙරිකාව විසින් ඉරානයේ ආයතන සහ පුද්ගලයන් 25ක් ඉලක්ක කරමින් නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ තුළ ලෝක බලවතුන් න්‍යෂ්ටික ආයුද සෙවූවත්, එය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව රොයුහානි අවධාරණය කරයි.