ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන රැසක් වෙත සයිබර් ප්‍රහාර එල්ල කළේ යැයි චෝදනා කරමින් ඉරාන සමාගමකට සහ පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.
ටෙරාබයිට් 31ක අතිශය වැදගත් දත්ත සහ තොරතුරු රැසක් සොරා ගත්තේ යැයි පවසන මාබ්නා ආයතනය මෙසේ තහනමට ලක්වූ ආයතනයයි.
ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ආයතනය විසින් ලොව පුරා විශ්වවිද්‍යාල 320ක් හැක්කර ඇති බවයි. එමෙන්ම, ඔවුන්ගේ ග්‍රහණයට නතුවූ ආයතන මෙන්ම ඇතැම් ඇමෙරිකානු රජයේ ආයතනද පවතින බව පැවසෙයි.
මේ අතර, ඇමෙරිකාව විසින් සම්බාධක පැනවූ පුද්ගලයන් දස දෙනාගෙන් නවදෙනෙකුම විවිධ අපරාධ චෝදනාවන්ට නතුවූ අය බවද කියැවෙයි.
මාබ්නා ආයතනයේ ආදිකර්තෘන් දෙදෙනෙකුද ඒ අතර සිටින අතර, ඇමෙරිකාවේ ඇති ඔවුන්ගේ වත්කම් රාජසන්තක වීමේ හැකියාවක් පවතින බවද ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසා තිබේ.