ඉරාකයේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් රැඳී සිටින රමාදි නගරයෙන් ඉවත් වන ලෙස ඉරාක හමුදාව එහි වෙසෙන සාමාන්‍ය ජනතාවට නිවේදනය කර තිබේ.
මෙම නගරය යළි අත්පත් කරගැනීමේ මෙහෙයුම් ඇරඹීමට පෙර ඉරාක හමුදාව මෙම නිවේදනය කර තිබේ.
ඒ අනුව, මෙම නිවේදනය දැක්වෙන පත්‍රිකා ගුවන් මගින් රමාදි වෙත දමා ඇති බව හමුදාවේ ප්‍රකාශකයෙක් කීය.
ඉදිරි පැය 24ක කාලය තුළ නගරය වෙත ඇතුළු වීමට ඉරාක හමුදාව සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම. මෙම නිවේදනය රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදයක් ලෙසද ජනතාවට ලබාදී තිබේ.
රමාදි නගරය පසුගිය මැයි මාසයේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් අල්ලාගනු ලැබීය.