ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පුපුරාගිය මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් භාරගෙන තිබේ.
මෙම ප්රහාරයෙන් සිවිල් වැසියන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබුණි.
බටහිර බැග්ඩෑඩයේ ඉස්කන් නගරය ආසන්නයේදී මරාගෙන මැරෙන බෝම්බකරු සිය බෝම්බය පුපුරුවාගෙන ඇති බව කියැවෙයි.
ෂියා මුස්ලිම් බැතිමතුන් පිරිසක් කූඩාරමක් තුළ මුහර්රාම් ශුද්ධ වූ මාසය සඳහා සූදානම් වන අවස්ථාවේදී බෝම්බකරු මෙම පුපුරුවාගැනීම සිදුකර තිබේ.
මෙහිදී, ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් පවසන්නේ තමන් ෂිට් සටන්කාමීන් ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල කර බවයි.