ඉරාක අගමැති අපේක්ෂකත්වය වෙනුවෙන් ෂියා මුස්ලිම් පක්ෂ විසින් වත්මන් අගමැති නූරි මලීකි වෙනුවට තවත් නමක් යෝජනා කිරීම තුළ ඉරාකයේ දේශපාලන අර්බුදයක් හටගෙන ඇති බව වාර්තාවෙයි.
ඒ අනුව, එරට නියෝජ්‍ය පාර්ලිමේන්තු කතානායක හයිඩර් අල්-අබාඩි මලිකි වෙනුවට ඔවුන් යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් වත්මන් අගමැති මලීකි තුන් වැනි වාරය සඳහාත් අගමැති ධුරය දැරීමට සූදානමින් සිටියි.
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ඉරාකය ආක්‍රමණය කිරීම හේතුවෙන් වත්මන් අගමැතිවරයා වෙත දිගින් දිගටම චෝදනා එල්ල වන්නට විය.