ජිහාඩ් ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් යැයි සැක කෙරෙන කණ්ඩායමක් විසින් උතුරු ඉරාකයේදී පැහැර ගනු ලැබූ ඉන්දීය හෙදියන් 46 දෙනා නිදහස් කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉර්බිල් නමැති කුර්දි නගරයේදී මෙම හෙදියන් ඉන්දීය බලධාරීන්ට භාරදී ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි. හෙදියන් කණ්ඩායම අද (5දා) ඉන්දියාව බලා පිටත්ව යාමට බලාපොරොත්තු වන බවද පෙන්වා දී තිබේ.
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ටික්රිට් නගරයට පහර දුන් අවස්ථාවේ මෙකී හෙදියන් එහි රෝහලක සේවය කරමින් සිටි අතර පැහැර ගැනීමකට ලක්වුණි.
හෙදියන් මුදා හරිනු ලැබීම සම්බන්ධයෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, කෙසේ වෙතත් හෙදියන් නිදහස් කරගැනීම සඳහා පැහැර ගැනීම් සිදු කළ කණ්ඩායම්වලට යම්කිසි ගෙවීමක් සිදු කළේද යන්න හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර, නිදහස් කරගත් හෙදියන් ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඉන්දියානු රජය විසින් විශේෂ ගුවන්යානයක් පිටත් කර හැරි බවද ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් අල්ලා ගත් තුර්කි ජාතික කම්කරුවන් 32 නෙක් නිදහස් කිරීමෙන් දිනකට පසු ඉන්දීය හෙදියන් නිදහස් කෙරුණි.