ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරත බ්‍රිතාන්‍ය හමුදා සෙබලියන් 200කට වැඩි පිරිසක් ගැබ්ගෙන ඇති බව හඳුනාගැනීමෙන් පසුව ඔවුන් වහාම නැවත බ්‍රිතාන්‍ය වෙත එවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, ඇෆ්ගනිස්ථානයෙන් සෙබලියන් 99 ක් හා ඉරාකයෙන් සෙබලියන් 102 ක් මේ ආකාරයෙන් නැවත සිය රට වෙත එවීමට කටයුතු කර තිබේ.
එම රටවල සේනාංකයන්හි අණදෙන නිලධාරීන් විසින් මෙකී සෙබලියන් වහාම නැවත පිටත්කර හැරීමට අණකර ඇති අතර, තුවාල ලැබූ හමුදා සෙබලුන් රැගෙන යන හදිසි යානාවල ඔවුන්වද නැවත යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඉදිරි ආරක්ෂක වළල්ලේ කටයුතු කරන සෙබලියකට මව් පදවියක් ලැබීම සම්පූර්ණයෙන් තහනම් වන අතර, ඔවුන් ක්රියාන්විතයන්ට එවීමට පෙර ගර්භිනීභාවය පිළිබඳ පරීක්ෂණයක් නොකිරීම සම්ප්රදාය බැවින් මේ තත්ත්වය උදාවී ඇති බව කියැවෙයි. එසේ පරීක්ෂණයක් නොකරන්නේ එය ඔවුන්ගේ පෞද්ගලිකත්වයට අතපෙවීමක් නිසා බවද කියැවෙයි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් සෙබලියන් ගැබ්ගැනීම ඔවුන් හමුදා සේවයේ යෙදී සිටියදී සෙසු සෙබලුන් සමග සම්බන්ධ වීමෙන් සිදු නොවන්නක් බවද, ඔවුන් ක්රියාන්වියන්ට සම්බන්ධ වීමට පෙර හෝ නිවාඩු ගොස් පැමිණීමේදී සිදුවිය හැකි ඒවා බවද එරට ආරක්ෂක ප්‍රධානීහු අවධාරණය කරති.