සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ඉරාකය වෙත එල්ල වන දැවැන්ත ආක්රමණය මැඩපැවැත්වීම වෙනුවෙන් එරට රජය විසින් රුසියාවෙන් ඇණවුම් කළ ප්රහාරක ගුවන් යානාවන්ගේ ප්රථම ඇණවුම ලැබී ඇති බව ඉරාකය පවසයි.
ඉරාක ආරක්ෂක අංශ පෙන්වා දෙන පරිදි පාවිච්චි කරන ලද සුක්හෝයි ප්රහාරක යානාවන්ගෙන් යානා 5ක් මේ වනවිටත් එරටට ළඟා වී ඇති අතර, ඒවා ඉදිරි දින කිහිපයේදී මෙහෙයුම්වලට සම්බන්ධ වනු ඇත. එමෙන්ම තවත් යානා ඇණවුමක් ළඟා වෙමින් පවතින බවද එරටින් වාර්තා වෙයි.
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් පසුගිය සති කිහිපය තුළ ඉරාකයේ දැවැන්ත ආක්රමණයක් සිදුකරමින් එරට දෙවැනි විශාලතම නගරය වූ මොසුල් නගරය ඇතුළු නගර කිහිපයක් සමග දැවැන්ත ප්රදේශයක බලය තහවුරු කර ගත්තේය.
කෙසේ වෙතත්, ඊයේ ඉරාක හමුදා ටික්රිට් නගරය යළි අත්පත් කරගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර, අද වනවිට එහි බලය තහවුරු කරගත් බව පවසා තිබුණි.