IS ඉස්ලාම් රාජ්ය අන්තවාදීන්ගේ බල කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය ඉරාකයේ, රමාදි නුවර ප්රධාන රජයේ ගොඩනැගිලි සංකීර්ණයේ බලය යළි තහවුරු කරගත් බව එරට බලධාරීහු පවසති.
මේ වනවිට එම ගොඩනැගිලි සංකීර්ණයේ සම්පූර්ණ බලය තහවුරු කරගෙන සිටින බවත්, කිසිදු ආකාර ඉස්ලාම් රාජ්ය ත්රස්තයෙකගේ සලකුණක් හෝ දැකිය නොහැකි බවත් ඉරාක ආරක්ෂක අංශ ප්රකාශකයෙකු පැවසීය.
ඒ අනුව, මේ වනවිට රමාදි නගරයේ ප්රධාන බල කඳවුර ඇතුළු දිස්ත්රික්ක කිහිපයකම බලය ඉරාක හමුදාව යළි තවහුරු කරගෙන සිටින බවත්, නගරයේ ස්ථාන කිහිපයක පමණක් සටන්කාමීන් රැඳී සිටින බවත් එම ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය.
දැනට සති කිහිපයක සිට රමාදි නගරයේ බලය තහවුරු කරගැනීම සඳහා ඉරාක හමුදා සටන් අරඹා තිබුණි.
ප්රධාන වශයෙන් සුන්නි අරාබි නගරයක් ලෙස සැලකෙන රමාදි නගරය බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර් 90ක් බටහිරින් පිහිටා තිබුණු අතර, පසුගිය මැයි මාසයේදී මෙම නගරයේ බලය ගිලිහී යෑම ඉරාක හමුදා ලැබූ අන්ත පරාජයක් ලෙස සැලකිණි.
