අති ප්රබල ඉර්මා සුළි කුණාටුව කැරීබියානු කලාපයේ දූපත් රාජ්යන් රැසක් සුණු විසුණු කරමින් මේ වනවිට එම කලාපයේම ටර්ක්ස් සහ කයිකොස් දූපත් වෙත ළඟා වෙමින් පැවති බව කියයි.
මෙම දූපත් කාලාපයේ මීටර් 6ක් ඉක්මවූ රළ නැංවෙන බවත්, 5 වැනි ප්රවේගයේ කුණාටුවක් ලෙස පැමිණෙන සුළි කුණාටුව මෙන්ම, පසුව ඇතිවන ගංවතුර තත්ත්වය නිසා ගොඩනැගිලි හා ආයතන වෙත විශාල හානියක් සිදුකරනු ඇති බවත් කියැවෙයි.
මෙම සුළි කුණාටුව ඇති වූ දින සිට මේ දක්වා පුද්ගල මරණ 10ක් වාර්තා වන අතර, සුළි කුණටුවෙන් මුලින්ම බැටකෑ බර්මූඩා දූපතේ 90%ක් පමණ ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට ඩොමිනිකන් ජනරජයට ඊසානදිගින් සුළි කුණාටුව වාර්තා වන අතර, එය ටර්ක්ස් සහ කයිකොස් දූපත් වෙත ගමන් කරමින් තිබේ.