ඉර්මා සුළි කුණාටුව කැරීබියානු කලාපය පුරා දරුණු හානියක් සිදුකරමින් බොහෝ ගොඩනැගිලි සුන්බුන් බවට පත්කර ඇති බවත්, මේ දක්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවිත 9ක් අහිමිවී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
කැරීබියානු කලාපයේ පවතින බාර්බූඩා දූපතේ ජනාවාසයක් පැවතිය නොහැකි මට්ටමේ විනාශයක් සිදුව ඇති බවත්, සෙන්ට් මාර්ටින් දූපත සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ප්රබල සුළි කුණාටුව හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හානි මීට වඩා වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
5 වැනි ප්රවර්ගයේ අති ප්රබල සුළි කුණාටුවක් ලෙස පැයට කිලෝමීටර් 300කට ආසන්න සුළං ඇති කරමින් ඇදී ආ ඉර්මා සුළි කුණාටුවේ අතිශය දරුණුතම අවස්ථාව පෝර්ටෝ රීකෝවට උතුරින් වාර්තාවිය හැකි බව කාලගුණ අංශ පවසයි.
පොර්ටෝ රිකෝ දූපතේ මිලියන තුනක් පමණ ජනතාව මේ වනවිට විදුලිය නොමැතිව දිවි ගෙවන බවත්, ඉර්මා ඇති කර තිබෙන දැඩි වර්ෂාව හා ප්රබල සුළං මේ තත්ත්වයට හේතුව බවත් කියයි.
එමෙන්ම, තවත් ප්රදේශ රැසක විදුලිය විසන්දි කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබේ. දශකයක කාලයක් තුළ බලපෑ අති ප්රබල අත්ලාන්තික් සුළි කුණාටුව ලෙස සැලකෙන මෙය මේ වනවිට ඩොමිනික් රිපබ්ලික් රාජ්ය ආසන්නයේ පවතින බවද සඳහන් වෙයි.