ඉර්මා සුළි කුණාටුව මේ වනවිට කැරීබියානු කලාපයට ඇතුළු වෙමින් දූපත් කිහිපයක ගොඩනැගිලි විනාශ කරමින් දරුණු ගංවතුර තත්ත්වයක්ද ඇති කර ඇති බව වාර්තා වෙයි.
ප්‍රංශයට අයත් සෙන්ට් මාර්ටින් දූපතේ දැවැන්ත ගොඩනැගිලි පවා සුළි කුණාටුවෙන් විනාශ වී ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම, සෙන්ට් බාට්ස් (සෙන්ට් බර්තෙලේමි) දූපතේ සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර, විදුලි බලයද මෙම දූපත්වල නොමැති බව විදෙස් වාර්තා පවසයි.
5 වැනි ප්‍රවර්ගයේ අති ප්‍රබල සුළි කුණාටුවක් ලෙස කැරීබියානු කලාපයට ඇතුළු වූ ඉර්මා සුළි කුණාටුව මගින් ඇති කළ සුළං ධහරාවේ වේගය පැයට කිලෝමීටර් 295 ඉක්මවා ගොස් තිබේ.
මෙම දශකයේ ඇති වූ අතිශය ප්‍රබල අත්ලාන්තික් සුළි කුණාටුව ලෙස සැලකෙන මෙම සුළි කුණාටුව ඇන්ටිගුවා, බාර්බූඩා දූපත් වෙත මුලින්ම ඇතුළු වූ අතර, මෙය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙතද දරුණු බලපෑමක් ඇති කරනු ඇති බව කියයි.