ඉන්දුනීසියාවේ මේඩාන් හි ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත කඩා වැටුණු ගුවන් හමුදා යානයේ එන්ජිමේ දෝෂයක් මෙම අනතුරට හේතුව බව එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු පවසා තිබේ.
පසුගිය අඟහරුවාදා සිදුකෙරුණු මෙම අනතුරින් ජීවිත 140ක් අහිමි වූ අතර, හර්කියුලීස් සී-130 යානය ගුවන්ගත වී මොහොතකට පසුව ගිනි ජාලාවක් සමග මෙසේ ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත කඩා වැටී තිබුණි.
කෙසේ වෙතත්, අනතුරින් පසුව සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් අද වනවිට අවසන් කර තිබුණු අතර, යානයේ ගමන්ගත් කිසිවෙකුගේ ජීවිත බේරී නොතිබුණි.
යානය ගුවන්ගත කිරීමෙන් පසු යළි ගුවන්තොටු පොළ වෙත පැමිණීමේ ඉල්ලීමක් නියමුවා විසින් කර තිබුණත්, ඉන් විනඩි දෙකකට පසුව යානය අනතුරට ලක්ව තිබුණි.
අනතුරට පත් යානයේ විනාශ වී ගිය එන්ජින් හතර පරීක්ෂා කිරීමේදී එහි අවරපෙත්ත අසාමාන්‍ය ස්වරූපයක් ගෙන තිබීමෙන් එහි එන්ජිමේ දෝෂයක් ඇති වන්නට ඇති බව සැක කෙරෙයි.