ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට කටයුතු කෙරෙන බව වාර්තා වෙයි.
කෙලූඩ් ගිනිකන්ද මේ ආකාරයෙන් දැවැන්ත පිපිරීම් සහිතව විදාරණය වන බවත්, යමහල් අලු හා සුන්බුන් කිලෝමීටර් 130ක් පමණ දුර විශාල කලාපයක් වෙත විසිරෙන බවත් පැවසෙයි.
මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඇතැම් නගර සෙන්ටිමීටර් 4කට වඩා වැඩි අලු තට්ටුවකින් වැසී ඇති බවද කියැවෙයි.
මේ ආසන්නයේ වූ සුරබයා නගරයටද ගිනිකඳු පිපිරීම නිසා දැඩි බලපෑමක් ඇති වී ඇති අතර, එහි වූ ප්‍රධාන ගුවන් තොටුපොළ 3ක් මේ වනවිටත් වසාදමා ඇති බවද වාර්තා වෙයි.