නැගෙනහිර ඉන්දුනීසියාවෙන් ඔබ්බට මුහුදු තීරයේදී සංචාරකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් විදේශීය සංචාරකයන් 10ක් හා කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු අතුරුදන්ව ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත් මෙම අනතුරින් පුද්ගලයන් 10 දෙනෙකු බේරාගැනීමට හැකිවී තිබේ.
බෝට්ටුව අයත් සමාගම පෙන්වාදී ඇත්තේ එය අයහපත් කාලගුණයකට හසුවීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සිදුවීමෙන් පසුව බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකුද රෝහල්ගත කර ඇති බවයි.
ලොම්බොක් දූපත ආශ්‍රිතව මෙම අනතුර සිදුව ඇති අතර, එය ඉන්දුනීසියාව වෙත සංචාරකයන් දහස් ගණනින් ආකර්ෂණය කරන බාලි දූපත් ආසන්නයේ පිහිටි සුන්දර දූපතක් බව කියැවෙයි.