ගිනි කඳු පිපිරීමෙන් ගුවන් ගමන් සියල්ල අඩාලයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පිපිරීමෙන් නැගුණු දැවැන්ත දුම් වලාකුළක් හේතුවෙන් උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරයට පැමිණෙන හා ඉන් පිටත් වන සියලු ගුවන් ගමන් සේවා අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
සැන්ගියෑන්ග් ආපී ගිනිකන්ද පසුගිය සිකුරාදා විදාරණය වීම ඇරඹුණු අතර, ඒ සමගම ගිනි කන්දෙන් දැවැන්ත දුම් වළාව ඉන්දුනීසියාවට දකුණු දෙසින් ඇති ඔස්ට්‍රේලියාව දෙසට ඇදෙමින් තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව, වර්ජින් ඕස්ට්‍රේලියා, කුවන්ටාස් සහ ජෙට්ස්ටාර් යන ගුවන් සේවා සමාගම් ඩාර්වින් නගරය වෙත ගමන් කරන හා ඉන් පිටත්වන සියලුම ගුවන්ගමන් අවලංගු කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ දුම් වළාව තවදුරටත් වර්ධනය වන නිසා ඉදිරි දිනවලදී අනෙකුත් ගුවන් තොටුපළවලද ගුවන් ගමන් අඩාල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
මේ තත්ත්වය තුළ ගුවන් මගීන් දහස් ගණනින් අපහසුතාවට පත්ව ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම අද (31දා) වනවිට පර්ත් සහ බාලි යන ගුවන්තොටු පොළවලද ඇතැම් ගුවන් ගමන් නවතා දැමූ බව කියැවෙයි.
ගිනි කඳුවලින් පිටවන යමහල් අළු ගුවන් යානාවලට දැඩි තර්ජනයක් වන අතර, ඒවා යානයේ එන්ජිමට හානි පැමිණවිය හැකි බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

