ඉන්දුනීසියාවේ පැවැත්වෙන මහ මැතිවරණයෙන් එරට විපක්ෂය වන පී.ඩී.අයි-පී පක්ෂය ඉදිරියෙන් සිටින බවත්, නමුදු එම පක්ෂයේ තරු අපේක්ෂකයාට ජනාධිපති ධුරයට ලබාගැනීම සඳහා බැරෑරුම් මාර්ගයක ගමන් කිරීමට සිදුවනු ඇති බවත් පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරෙයි.
නිල නොලත් ආරංචි මාර්ග අනුව ප්‍රකාශිත ඡන්ද අතරින් 19% ක් තහවුරු කරගැනීමට එම පක්ෂය සමත් වී තිබේ.
කෙසේ වෙතත් ජකර්තා නගරාධිපති ජෝකෝ විඩෝඩෝට එළැඹෙන ජූලි 9 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට එළැඹීම සඳහා අවශ්‍ය 25%ක ජනමතය සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතිද යන්න පැහැදිලි නොමැති බවද වාර්තා වෙයි.
මෙම මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන මැයි මාසයේදීය.
බදාදා පැවති මැතිවරණයේදී ඉන්දුනීසියාව පුරා ආසන 19,000ක් වෙනුවෙන් ඡන්දය පැවති අතර, එයට ජාතික පාර්ලිමේන්තු ආසන 560ද ඇතුළත් වෙයි.
මෙවර මැතිවරණයේදී ඉස්ලාමීය පක්ෂද සිතුවාට වඩා හොඳින් ප්‍රතිඵල පෙන්වා ඇති බවද වාර්තා වෙයි.