ඉන්දු - පාකිස්තාන අර්බුදය නැවතත් ඇවිලෙයි
කාශ්මීර සටන් විරාම ගිවිසුම කඩ කළ බවට ඉන්දියාවට චෝදනා නගමින් පාකිස්තානය එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මුන් වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වෙයි.
මෙම ලිපිය මගින් පාකිස්තානය අවධාරණය කර ඇත්තේ සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතු බවය.
කෙසේ වෙතත්, මෙවැනි මැදිහත් වීමක් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පළ කරන ඉන්දියාව ඊට ඔවුන්ගේ දැඩි විරෝධය දක්වා තිබේ.
මෝදි අගමැතිවරයාගේ පත්වීමත් සමග දෙරටේ තත්ත්වය සාමකාමී වනු ඇති බව පැවසුණත්, දශකයකට පමණ පසු කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ ඇති වී තිබෙන දරුණුතම සටන් මේ වනවිට උද්ගතව ඇති බව කියැවෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළ පාකිස්තානය නොනවත්වා සටන්විරාමය කඩ කරමින්, දේශ සීමාවේ පිහිටි ඉන්දීය මුරපොළවල් ඉලක්ක කර ෂෙල් ප්‍රහාර එල්ල කරන බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

