ඉන්දියානු කාලතුවක්කු ප්රහාරයකින් පාකිස්තානයේ සිවිල් වැසියන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට පාකිස්තානය චෝදනා කරයි.
කාෂ්මීරයේ දේශසීමාවේදී සිදුකෙරුණු මෙම කාලතුවක්කු ප්රහාරය මගී බස් රථයක වැදීමෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බව පාකිස්තානය කියයි.
පසුගියදා ඉන්දීය හමුදා සාමාජිකයන් තිදෙනෙකු කාෂ්මීරයේදී ඝාතනය වී තිබූ අතර, ඉන් එක් අයෙකුගේ ශරීරය කැබලිවලට වෙන්කර තිබූ බවද ඉන්දියාව කියයි. මෙම ප්රහාරයට වගකිව යුත්තන්ට සමාවක් නොමැති බව ඉන්දියාවද පවසා තිබුණි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී කාෂ්මීර දේශසීමාවේදී ඉන්දීය හමුදා සාමාජිකයන් 19 දෙනෙකු මරා දැමීමේ සිද්ධියෙන් පසුව දෙරට අතර වඩාත් උණුසුම් තත්ත්වයක් පසුගිය කාල සීමාව පුරා දැකගත හැකිවිය.
2003 වසරේ සිට කාෂ්මීරයේ යුද විරාමයක් පැවතියත්, වරින්වර දෙරට අතර උණුසුම් තත්ත්ව වර්ධනය වූ අතර, දෙරටේම විශාල පිරිසක් මේ වනවිට මෙම අර්බුදයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.