පාකිස්තානයේ ප්‍රධාන නගර කිහිපයක සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරෙන බොලිවුඩ් චිත්‍රපට වර්ජනය කිරීමට තීරණය කර තිබේ.
ඉන්දු - පාකිස්තාන කාෂ්මීර දේශසීමාවේ ඇති වී තිබෙන ගැටුම්කාරී වාතාවරණයත්, පාකිස්තාන හමුදාව වෙත සිය රාජ්‍යයේ එක්සත් භාවය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවත් එම සිනමා ශාලා හිමියන් පවසා ඇත.
ඒ අනුව, ලාහෝර්, කරච්චි සහ ඉස්ලාමාබාද් යන නගරවල මේ ආකාරයෙන් බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය වර්ජනය කර ඇත.
එමෙන්ම, පසුගිය බ්‍රහස්පතින්දා මෙම ගැටුම්කාරී තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයන් පිරිසක් බොලිවුඩ්වල රංගනයේ යෙදෙන පාකිස්තාන නළු නිළියන් වර්ජනය කිරීමටද තීරණයක් ගෙන තිබුණි.
එමෙන්ම, පාකිස්තාන රංගන ශිල්පීන්ට වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙසටද ඉන්දීය දක්ෂිණාංශික දේශපාලඥයෙකු පවසා තිබුණු බවද කියැවෙයි.