ඉන්දියාවේ හයිද්‍රාබාද්, හිමාචල් ප්‍රදේශ් හි හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වයක් නිසා පාසල් සිසුන් 24 දෙනෙකු ජලයේ ගසාගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
කුල්ලූ නිමිනයේ වූ, බීස් ගංගාව ආශ්‍රිතව මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇති අතර, මේ වනවිටත් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුම් සිදුකරන බව ආරක්ෂක අංශ පවසයි.
ගංගාවේ ඉහළ කොටසේ වූ වේල්ලක් පිටාර ජලය සඳහා විවෘත කිරීමත් සමග මෙසේ වේගවත් හා ක්ෂණික ජල කඳක් පැමිණ ඇති බව ප්‍රාන්ත බලධාරීහු පවසති.
පාසල් සිසුන් චාරිකාවක් යන අතුරතුර ඡායාරූප ගැනීම සඳහා තම බස් රථයෙන් බැස ගංගාව අසල සිටියදී ක්ෂණිකව ගංගා ජලය ඉහළ යෑමෙන් ඔවුන් ජලයේ ගසාගෙන ගොස් ඇති බවද ප්‍රාන්ත බලධාරීහු පවසති.