දකුණුදිග ඉන්දියාවේ විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෙකුගේ හදිසි මරණය සමග ඇති වූ උද්ඝෝෂණ හේතුවෙන් එම විශ්වවිද්‍යාලය වසා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හයිද්‍රාබාද් මධ්‍යම විශ්වවිද්‍යාලය තුළදී රෝහිත් වෙමුල්ලා නමැති ශිෂ්‍යයා සියදිවි හානිකරගෙන තිබුණේ පසුගිය ඉරිදා දිනයේදීය.
කෙසේ වෙතත්, සිය මිතුරාගේ මරණයට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙන්ම ෆෙඩරල් අමාත්‍යවරයාද වගකිව යුතු බව විශ්වවිද්‍යාල සිසුහු පවසති.
විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ දාලිත් ජනකොටසට අයත් සිසුන් පස් දෙනෙකු මීට පෙර ඉවත්කර තිබූ අතර, මෙම මියගිය ශිෂ්‍යයාද එසේ ඉවත්කෙරුණු ශිෂ්‍යයෙකු වීම තුළ මෙම උද්ඝෝෂණ වර්ධනය වී තිබේ.