ඉන්දියාව තුළ මුදල් සංචිත නීතිවිරෝධී ලෙස සඟවාගෙන සිටින බදු නොගෙවන්නන්, බදු දැලට හසුකර ගැනීම සඳහා රු.පන්සියයේ සහ දහසේ නෝට්ටු අවලංගු කිරීමට රජය තීරණය කිරීමත් සමග දුගීන් හා මධ්‍යම පාන්තිකයන් දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
ඉන්දීය රජය ගනුලැබූ මෙම හදිසි තීරණය දේශපාලන ව්යවුලක් පවා ඇති කර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මින් වැඩිපුරම දුගීන් පීඩාවට පත්වන බව පෙන්වාදෙන දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් පවසන්නේ ඒ වෙනුවට රජය හඳුන්වාදී ඇති අලුත් රු.දෙදහසේ නෝට්ටුද බැංකුවලට ප්‍රමාණවත් තරම් නිකුත් කර නොමැති බවයි.
මේ තත්ත්වය තුළ තම එදිනෙදා ආහාර සපයාගැනීමට හා ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට නොහැකිව දුගීන් හා මධ්‍යම පාන්තිකයන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද මහ ඇමතිවරයා චෝදනා කරයි.
මේ අතර, පන්සියයේ සහ දහසේ නෝට්ටු මාරු කරන වෙළෙඳ සැල් හිමියන් එම නෝට්ටුවල නාමික අගයට වඩා අඩු මුදලක් ලබාදී ඇති සිදුවීම් රැසක් වාර්තා වන බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙසේ අවලංගු කරන ලද පැරණි මුදල් නෝට්ටු වෙනුවට වලංගු අලුත් නෝට්ටු බැංකු හා තැපැල් කාර්යාල හරහා එළැඹෙන දෙසැම්බර් අගවන තෙක් ලබාගැනීමේ අවස්ථාව පවතින බව ඉන්දීය රජය නිවේදනය කර තිබේ.