ඉන්දියාවේ මහ මැතිවරණය වෙනුවෙන් නව දූෂණ-විරෝධී පක්ෂයක් තරග කිරීමට සූදානම් බව එහි ප්‍රධානියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
'ආම් ආද්මි' හෙවත් පොදු මිනිසාගේ පක්ෂය (ඒ.ඒ.පී.) ලෙස සැලකෙන මෙය ආසන්න මැතිවරණවලදී දිල්ලි අගනුවරදී සුවිශේෂී ආරම්භයක් සනිටුහන් කර ඇති අතර, මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ආසන 15 – 20 ක් අතර සිය අපේක්ෂකයන් තරග කිරීමට නියමිත බවද පෙන්වා දෙයි.
ඒ.ඒ.පී. පක්ෂය කොංග්රසයේද සහාය ඇතිව මේ වනවිට දිල්ලියේ පාලනය බලය නතුකර ගෙන සිටින අතර, පක්ෂයේ නායක අර්වින්ද් කෙජ්රිවාල් දිල්ලි මහ ඇමතිවරයා ලෙස කටයුතු කරයි. හිටපු සමාජ ක්‍රියාකාරිකයෙකු වූ අර්වින්ද්ගේ ඒ.ඒ.පී. පක්ෂය පසුගිය මාසයේ පැවති දිල්ල මැතිවරණයේදී ආසන 70 න්, ආසන 28 ක බලය හිමිකර ගැනීමට සමත්විය. ඔවුන්ගේ දේශපාලන සටන් පාඨය වන්නේ දූෂණයට එරෙහිව සටන් කිරීම හා දේශපාලනය යළි පිරිසුදු කිරීමය.
මෙම ජයග්‍රහණ සමග ඒ.ඒ.පී. පක්ෂය මේ වනවිට සුවිශේෂී ධෛර්යයකින් පසුවන බවත්, ලබන අප්‍රේල් හෝ මැයි පැවැත්වෙන මහ මැතිවරණයේදී ඔවුන්ට සුවිශේෂී සටනක් ලබාදීමට හැකිවනු ඇති බවත් ඉන්දීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.