ඉන්දීය මන්ත්‍රීවරයෙකුගේ නිවස බිඳ ඉන්දියානු රු.මිලියන 11.4ක් වටිනා මුදලක්, අත්ඔරලෝසු හා රත්රන් භාණ්ඩ සොරාගැනීමෙන් පසුව එම මන්ත්‍රීවරයා පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
නමුත්, ගිරිරාජ් සිං නමැති මෙම මන්ත්‍රීරවරයා පවසා ඇත්තේ ඉන්දියානු රු.50,000/- ක් පමණක් තම නිවසින් සොරාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ නිවසේ සේවකයන් තිදෙනෙකු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් බී.ජේ.පී. පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිං මෙවර ජනාධිපතිවරණයේදී පවසා සිටියේ තම පක්ෂයේ නායක නරේන්ද්‍ර සිං මෝදි වෙත ඡන්දය නොදෙන පුද්ගලයන් පාකිස්තානයට පිටුවහල් කළ යුතු බවය.
මෙම සිදුවීමෙන් පසුව ඔහුගේ නිවසින් ඉන්දියානු රු.50,000/- ක් පමණක් සොරාගෙන ඇති බව මුලින් කියවුණත්, පොලිස් පරීක්ෂණවලදී සොර මුල අල්ලා ගැනීමෙන් පසු ඔවුන් සතුව තිබී වටිනා අත්ඔරලෝසු, රන් ආභරණ මෙන්ම මුදල්වල වටිනාකම තක්සේරු කිරීමේදී ඉන්දියානු රු.මිලියන 11.4ක් පමණ වටිනා භාණ්ඩ හා මුදල් එම නිවසින් සොරාගෙන ඇති බව තහවුරු වී තිබේ.
එමෙන්ම, මේ සියල්ල මන්ත්‍රීවරයාගේ නිවසින් සොරාගත් ඒවා බවද අත්අඩංගුවට පත්වූවන් පවසා ඇත. මෙහි වඩාත් විවාදයට තුඩුදී ඇති සිදුවීම වන්නේ මෙවර මැතිවරණයට පෙර වත්කම් ප්‍රකාශ කිරීමේදී ඔහු මෙතරම් වත්කම් ඉදිරිපත් නොකිරීමය.
මේ තත්ත්වය තුළ සොර මුලට වඩා ලොකු හොරෙකු අල්ලා ගත් හැඩක් මේ සිදුවීම සමග විද්‍යාමාන වන බව පැවසෙයි.