ඉන්දියාවේ කඳුකර හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම බස් රථ අනතුරින් මියගිය වැඩිම පිරිස වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් වන අතර, අනතුරින් රථයේ රියදුරු සහ ගුරුවරුන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්වූහ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ 40 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, වංගුවක් ගැනීමේදී රථය ලිස්සා ගොස් ප්‍රපාතයට පෙරළී ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම පුවත ඇසීමෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි සංවේගයකට පත්ව සිටින බව අගමැති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
