පසුගිය බදාදා බටහිරඉන්දියාවේ සිදුවූ නායයෑමෙන් පස් කඳුවලට යටවී අතුරුදන් වූවන් තවදුරටත් සෙවීම නිරන්තතක උත්සාහයක් වී ඇති බවත්, මේ දක්වා සොයාගෙන ඇති මළ සිරුරු සංඛ්‍යාව 60ක් බවත් එරටින් වාර්තා වෙයි.
මෙම අභාග්යසම්බන්න සිදුවීමෙන් පසු මුදාගැනීමේ කණ්ඩායම් අඛණ්ඩව සෝදිසි මෙහෙයුම්වල නිරත වුවත්, අධික වර්ෂාව සමග පවතින අයහපත් කාලගුණය ඊට හරස්ව ඇති බව කියැවෙයි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාලින් ගම්මානය මෙම අනතුරින් සම්පූර්ණයෙන්ම පාහේ පස් අතර සැඟව ගියේය.
ගම්මානයේ ජනතාව අළුයම් කාලයේ නිදි පැදුරේදීම පස් කඳුවලට යට වී ඇති බවද කියැවෙයි.
අනතුර සිදුවී පළමු පැය කිහිපය තුළ පුද්ගලයන් 8 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි වුවත්, ගෙවී ගිය දින දෙක තුළ කිසිවෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට නොහැකි වී තිබේ.