(UPDATE) නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ඉන්දියාව සමග කවදත් එදිරිවාදීව සිටි පාකිස්තාන නායකයාගේ පවා සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී රාජ්‍ය උත්සවය දිල්ලියේ පිහිටි රාශ්ට්‍රපති භවන් ජනපති මන්දිරය අභියස ආරම්භ විය.
මෙම රාජ්‍යයන් දෙක 1947දී නිදහස ලැබීමෙන් පසු දෙරටේ රාජ්‍ය නායකයන් එක් වේදිකාවක මෙවැනි උත්සවයක් වෙනුවෙන් සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය බව කියැවෙයි.
මෝඩි පසුගියදා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කර අති දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත් අතර, පාලක කොංග්‍රසය අන්ත පරාජයකට ලක්විය.
බී.ජේ.පී.ය ලැබූ මේ ජයග්‍රහණය වසර 30කින් එම පක්ෂය ලැබූ අති දැවැන්ත ජයග්‍රහණය බව කියැවෙයි.
මෝඩිගේ දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් දකුණු ආසියානු කාලාපයේ රටවල රාජ්‍ය නායකයන් සහභාගි වීමද විශේෂත්වයක් වන අතර, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද නිල උත්සවයට සහභාගි වී සිටියි.
එම රටවලට අමතරව මුරුසි රාජ්‍ය නායකයාද මෝඩිගේ දිවුරුම්දීමට සහභාගි වී සිටියි.