ඉන්දීය තරුණියක් වසර දෙකක් තුළ දෙවරක් සමූහ දූෂණයකට ලක්වූ අනුවේදනීය පුවතක් වාර්තා වෙයි.
මෙම අපරාධය සිදුකළ පුද්ගලයන් පස් දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර, සෙසු දෙදෙනාවද අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ ක්රියාත්මක වෙයි.
මොවුන්, මීට වසර තුනකට පමණ පෙර මෙම තරුණිය දූෂණය කර ඇති අතර, පසුව ඊට වරදකරුවන් වී දඬුවම් ලබා පැමිණ, එම පලිය ගැනීමට නැවත වරක් ඇයව සමූහ දූෂණයට ලක්කර ඇති බව කියැවෙයි.
එහිදී, මොවුන් මෙම තරුණිය මියගොස් යැයි සිතා අතරමග දමාගොස් සිටියදී, කාරුණික පුද්ගලයෙකුගේ ආශිර්වාදයෙන් ඇයට රෝහලක් වෙත පැමිණීමට අවස්ථාව හිමි වී තිබේ.
මේ වනවිට රෝහල්ගතව තවදුරත් ප්රතිකාර ලබන ඇය තවමත් 21 වැනි වියෙහි පසුවන, ඉන්දියාවේ අඩුකුල ජනවර්ගයක් වන දාලිත් කුලයේ තරුණියක බවද කියැවෙයි.