ඉන්දීය කැබිනට් මණ්ඩල සංශෝදනයත් සමග එරට ආරක්ෂක අමාත්‍ය ධුරයට කාන්තාවක පත්කර තිබේ.
ඉරිදා දිනයේදී ඉන්දීය රජය සිදුකළ මෙම කැබින්ට් සංශෝධනය සමග ආරක්ෂක අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ භාරතීය නර්මලා සීතාරාමන් වෙතය.
මීට පෙර ඉන්දීය වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළ ඇය, ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශිකාව ලෙසද කටයුතු කළාය.
නිර්මලාගේ මෙම පත්කිරීම බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මීට පෙර ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන අතරතුර තවත් අමාත්‍යාංශ කිහිපයක් සමග ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවනු ලැබුවත්, මේ ආකාරයෙන් ආරක්ෂක අමාත්‍ය ධුරය පමණක් වෙනම කාන්තාවක විසින් මෙහෙයවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවෙයි.
ඉන්දීය සමාජය තුළ කාන්තාවගේ තත්ත්වය වඩාත් ඉදිරියට යන අවස්ථාවක් ලෙස තම පත්කිරීම දැක්විය හැකි බව සීතාරාමන් පවසා සිටියි.
මේ අතර, ඉන්දියවේ කැබිනට් අමාත්‍ය ධුර 27 අතර, කාන්තා නියෝජනය 6ක් වන අතර එය දශකයකට පමණ පසුව දැක්වෙන ඉහළම කාන්තා නියෝජනය ලෙසද සැලකෙයි.