ඉන්දියාවේ ප්‍රථම අධිවේගී දුම්රිය ව්‍යාපාතිය අගමැති නරේන්ද්‍ර මෝදි උපන් පළාතේදී ජපාන අගමැති ෂින්සෝ අබේ විසින් ආරම්භ කර තිබේ.
ඇ.ඩො.බිලියන 17ක ජපාන අධාර මූලික කරගනිමින් ගොඩනැගෙන මෙම අධිවේගී දුම්රිය අහ්මෙදාබාද් සහ මුම්බායි යන නගර යා කරමින් ධාවනයේ යෙදෙනු ඇත.
කිලෝ මීටර් 500ක් වන මෙම දුර ගමන් කිරීම සඳහා දැනට ගතවන පැය 8ක කාලය පැය 3ක් දක්වා අඩු කිරීමට මේ යටතේ හැකිවනු ඇති බව කියැවෙයි.
ජපානයේ සමීප මිතුරෙකු සැලකෙන ඉන්දියාවේ දින දෙකක සංචාරයක්ද ජපාන අගමැතිවරයා මේ සමග සිදුකරයි.
ඉන්දීය දුම්රිය පද්ධතිය තුළ දිනකට මගීන් මිලියන 22ක් ගමන් කළත් මෙම බොහෝ දුම්රිය භාවිතයෙන් තොර මට්ටමේ පවතින බවට චෝදනා නැගෙයි. විශේෂයෙන්ම නිතර දුම්රිය අනතුරු මෙන්ම, දුම්රිය ප්‍රමාදවීම් ඊට හේතුවයි.
ආසන 750කින් යුතු මෙම දුම්රිය 2022 සිට ධාවනයේ යෙදීමට සූදානම් වන අතර, මෙය ඉන්දියාවේ ප්‍රධාන නගර අධිවේගී දුම්රිය හරහා යා කිරීමේ ඉන්දීය රජයේ වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස සැලකෙයි.