ඉන්දියාවේ ප්‍රථම මෝටර් රථය ලෙස නිෂ්පාදනය කෙරුණු ඇම්බැසඩර් මෝටර් රථයේ නිෂ්පාදන ක්‍රියාවලිය නතර කෙරෙයි.
මේ වනවිට ඇම්බැසඩර් මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන හින්දුස්ථාන් මෝටර්ස් පෙන්වා දෙන්නේ ඔවුන් කල්කටා නගරයෙන් බැහැර වූ සිය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය නවතා දැමූ බවයි.
එම මෝටර් රථ සඳහා පවතින අවම ඉල්ලුම හා මූල්‍ය අර්බුද හේතුවෙන් මෙසේ කිරීමට සිදුවූ බව සමාගම පවසයි.
මොරිස් ඔක්ස්ෆර්ඩ් මෝටර් රථය අනුව යමින් නිෂ්පාදනය වූ ඇම්බැසඩර් 1957දී නිෂ්පාදනය වීමෙන් පසුව එහි සිදුවූ වෙනස්මක් අතිශය සීමා සහිත විය.
මේ වනවිට ඇම්බැසඩර් මෝටර් රථ ධාවනය කරන්නේ දේශපාලඥයන් හා රජයේ නිලධාරීන් පමණක් බව කියැවෙයි. එයද සැමටම පොදු නොවන බවද කියැවෙයි.
මේ තත්ත්වය තුළ 2014 මාර්තු මාසයෙන් අවසන් වූ මුදල් වර්ෂය තුළ සමාගම අලෙවි කර තිබෙන්නේ ඇම්බැසඩර් රථ 2,200ක් පමණි.