ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ ඩර්ජීලිං, කාලිම්පොං හා මිරීක් යන ගම්මානවලට ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසුව ඇති වූ නායයෑම් නිසා ජීවිත හානි 38ක් සිදුව තිබේ.
මෙම දරුණු නායයෑමෙන් පසු විපතට පත්වූවන් සොයා මේ වනවිටත් සහන කණ්ඩායම් අවට භූමිය පීරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.
බලධාරීන් විශ්වාස කරන්නේ තවත් විශාල පිරිසක් මඩ තුළ සිරවී සිටිය හැකි බවයි.
කෙසේ වෙතත්, මාර්ග හා සන්නිවේදන පද්ධතිවලට බාධා පැමිණ තිබීම නිසා විපතට පත්වූවන් බේරාගැනීමේ සහන මෙහෙයුම් අසීරු වී තිබේ.