බටහිර ඉන්දියාවේ නායයෑමක් හේතුවෙන් නිවාස 40ක් පස් කඳු අතර සැඟව යෑමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 150ක් පමණ අතුරුදන් බව පැවසෙයි.
මහාරාශට්ර පාන්තයේ, පූනේ නගරය ආසන්න, මාලින් නගරයේදී මෙම නායයෑම වාර්තා වන අතර, මුදාගැනීමේ කණ්ඩායම් විසින් පුද්ගලයන් 6 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට සමත්ව තිබේ.
අයහපත් කාලගුණයත් සමග ඇද හැලුණු අධික වර්ෂාවෙන් සිදුවූ මේ ඛේදවාචකයෙන් අතුරුදන් වී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ඔවුන් පවසා තිබේ.
ගම්මානයේ ජනතාව නිදාගෙන සිටියදී අලුයම් කාලයේදී මෙම නායයෑම සිදුව ඇති බව කියැවෙයි.
පාසල හැර සම්පූර්ණ ගම්මානයම පස් යට වැලලී ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.