ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ මගී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
රාජධානී එක්ස්ප්රස් යනුවෙන් හැඳින්වුණු මෙම දුම්රිය දිල්ලියේ සිට ඇසෑම් ප්රාන්තයේ ඩිබ්රුගාර්හ් වෙත ගමන් කරමින් සිටියදී බිහාර් හි චාහ්ප්රා දුම්රිය ස්ථානය අසලදී මෙසේ අනතුරට පත්ව තිබේ.
මුදාගැනීමේ කණ්ඩායම් ඒ වෙත යවා ඇති අතර, ඇතැම් වාර්තාවන්ට අනුව පිරිසක් දුම්රිය තුළ සිරවී සිටින බවද කියවුණි.
මේ අතර, මාවෝවාදී කැරලිකරුවන් මෙම දුම්රිය පිලිපැනීමෙන් සිදුවූ අනතුර පිටුපස සිටිය හැකි බවට එරට දුම්රිය බලධාරීහු සැක කරති.