සමූහ දූෂණයට ලක්කොට එල්ලා මරා දමා තිබූ නව යොවුන් වියේ දැරියන් දෙදෙනා ජීවත් වූ ප්‍රදේශයේ සෑම නිවසකටම වැසිකිළියක් ලබාදීමට එරට ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව ඇති බව කියැවෙයි.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී සමූහ දූෂණයට ලක්කොට මරා දමා තිබූ දැරියන් දෙදෙනා ශරීර කෘත්‍යය ඉටුකර ගැනීමට අසල වූ වන ලැහැබට ගිය අවස්ථාවේදී මෙසේ අතවරයට පත්ව, පසුව මරා දමා තිබූ බව මේ වනවිට අත්අඩංගුට පත් සැකකරුවන්ගේ පාපොච්චාරණයෙන් හෙළි වී තිබේ.
අඩු කුලයේ මේ නිවැසියන් බොහෝ දෙනෙකුට වැසිකිලි පහසුකම් නොමැති අතර, ඔවුන් වැඩි පිරිසක් සිය ශරීර කෘත්‍යය පිරිමසා ගන්නේ වන ලැහැබ වෙත ගොසිනි.
මේ දැරියන්ගේ ඝාතනයත් සමග ප්‍රදේශයේ කාන්තාවන් සිය ශාරීරික අවශ්‍යතාවක් වෙනුවෙන්වත් එළිපහළියට නොයන තත්ත්වයක් උදාවී ඇති බවද කියැවෙයි.
කාන්තා හිංසන විරෝධතාවට පොලිස් ප්‍රහාර
කෙසේ වෙතත්, මෙම දැරියන්ගේ ඝාතන සම්බන්ධයෙන් විරෝධය දක්වමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංවිධානය වූ උද්ඝෝෂණයකට අද (02දා) පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
උත්තර් ප්‍රදේශ් මහ ඇමති අඛිලේෂ් යාදේව්ගේ කාර්යාලය ඉදිරිපිට කාන්තාවන් වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති උද්ඝෝෂණයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
තවත් තරුණියක් සමූහ දූෂණයට ලක්කරයි
මෙම දැරියන්ගේ මරණ සමග සමූහ දූෂණයට ලක්ව මරා දැමුණු වයස අවුරුදු 22 ක තරුණියකගේ මරණයක් පිළිබඳව එම ප්රාන්තයෙන්ම වාර්තා වන බවද විදෙස් පුවත් සේවා පවසයි.
මෙම තරුණිය ගෙල සිරකර මරා දැමීමට පෙර ඇයට ඇසිඩ් පොවා ඇති බවද ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.