ඉන්දියාවේ, උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ගල් අඟුරු බලාගාරයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ඉන්දීය රජයට අයත් ජාතික ගල් අඟුරු සංස්ථා බලාගාරය තුළ මෙම පිපිරීම සිදුවී ඇති අතර, සිද්ධියෙන් පසුව පුද්ගලයන් 80ක් පමණ එම සමාගමේම රෝහල වෙත යවා තිබේ.
මේ අතර, සිද්ධියෙන් බරපතල ලෙස තුවාල වූ පිරිස් වෙනත් ප්රාදේශීය රෝහල් කරා යොමුකර ඇති බවද ඉන්දීය වාර්තා පවසයි.
මෙම පිපිරීමට පෙර වෙනදා නෑසෙන ශබ්දයක් බලාගාරයෙන් පිටවූ බවත්, ගෑස් කාන්දුවක් හා හුමාලයක් වේගයෙන් ගමන් කරන ආකාරයේ හඬක් නැඟුණු බවත් බලධාරීන් පවසති.
බලාගාරයේ සිදුවූ මෙම පිපිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරිය පරීක්ෂණයක් අරඹා ඇති අත, මෙම බලාගාරය අන්චාහාර් නගරය ආසන්නයේ පිහිටා තිබේ.